Tuesday, October 20, 2015

ජපන් අක්ෂර 日本語の文字 - කතකනා カタカナ

කතකනා カタカナ Kathakana

කතකනා හෝඩිය විදේශිකයන්ට ආවේනික වූ තොරතුරු ලිවිම සදහා භාවිතා කරනු ලබයි.

උදා : විදේශිකයන්ගේ නම්, විදේශ රටවල් වල නම්, විදෙස් රට වල ඇති විවිධ ස්ථානවල නම්, වෙනත් භාෂාවන් තුල උච්චාරණය වන වචනයන්, විවිධ උපුටාගැනීම්, විවිධ සතුන් නිකුත් කරන ශබ්ධයන්, විදේශ රටවල ඇති ශාක සහ සත්ව නාමයන්.

මෙම හිරගනා සහ කතකනා හෝඩි වල දැකිය හැකි සමානතා සහ අසාමාන තා පහත දක්වා ඇත.

  1. හෝඩි යුගලයේ ඇති අක්ෂර ප්‍රමාණය එක හා සමානය. [අක්ෂර 46]
  2. එම අක්‍ෂරයන්ගේ උච්චාරණය සමනය.
  3. තෙන්තෙන් [ " ] සහ මරුතෙන් [ 。] සහිත අක්ෂර ප්‍රමාණය සමානය.
  4. බැදී අක්ෂර නිර්මාණය කරනු ලබන ආකාරය සමනය. [අක්ෂර 33]
  5. දීර්ග ස්වරයන් නිර්මාණය කරගනා අකාරය අසමානය.
  6. හල් අක්ෂර නිර්මාණය අසමානය.

   A  I   U  E  O
   
   ア  イ  ウ  エ  オ

Ka  カ  キ  ク  ケ  コ

Sa  サ  シ  ス  セ  ソ

Ta  タ  チ  ツ  テ  ト

Na  ナ  ニ  ヌ  ネ  ノ

Ha  ハ  ヒ  フ  ヘ  ホ

Ma  マ  ミ  ム  メ  モ

Ya  ヤ     ユ    ヨ

Ra  ラ  リ  ル  レ  ロ

Wa  ワ          ヲ

N  ン







ජපන් අක්ෂර 日本語の文字 - හිරගනා  ひらがな

ජපානයේ අක්ෂරමාලා ක්‍රමයන්

හිරගනා ひらがな
කතකනා カタカナ
කන්ජි 勧業

ජපන් භාෂාව සිංහල භාෂාවට බෙහෙවින් සමාන වන ව්‍යාකරණ රටාවක් ඇති භාෂාවක් වන අතර සිංහල භාෂාවෙන් ලියනු ලබන වාක්‍ය රටාවට සමානව ඒ ආකාරයෙන්ම ජපන් භාෂාවෙන් ලිවිය හැක.

උදා :  ඇය විශ්ව විද්‍යාල සිසුවියක් වේ.
         "කනොජෝ ව දයිගකුසෙඉ දෙසු."
         かのじょは だいがくせい です。
  ඇය - かのじょ විශ්වවිද්‍යාල සිසුවියක් - だいがくせい වේ -  です。 「は」- නිපාතය

ඉහත උදාහරණය දෙස විමසිල්ලෙන් බලා එහි ඇති සරල ව්‍යාකරණ රටාව අප භාෂාවට සමාන බව වටහාගන්න.


හිරගනා ひらがな Hiragana

පහත පෙන්වා දී ඇති හිරගනා හෝඩිය ජපානයට අවේනික තොරතුරු ලිවිම සදහා යොදාගනී.

උදා : ජපන් ජාතිකයන්ගේ නම් , ජපානයේ ඇති ස්ථාන, ජපානයේ නිෂ්පාදිත ද්‍රවයනාම, ජපානයට අවේනික වූ සත්ව හා ශාක නාම, ජපන් භාෂාවේ ඇති සියලුම ව්‍යාකරණ රටාවන්.

උදා: ජපානය - にほん「නිහොන්」 ටෝකියෝ - ときよ 

ජපන් භාෂාවේ තවත් විශේෂ ලක්ෂණයක් නම්, වෙනත් භාෂාවල භාවිතා වන ප්‍රධානතම අක්ෂරයන් ත්‍රිත්වයක් සදහා ජපන් භාෂාවේදී ආදේශක අක්ෂරයන් භාවිතා කිරීමයි.




  A         I         U          E        O 
  
  あ  い  う  え  お

Ka か  き  く  け  こ


Sa さ  し  す  せ  そ


Ta た  ち  つ  て  と


Na な  に  ぬ  ね  の 


Ha は  ひ  ふ  へ  ほ 


Ma ま  み  む  め  も


Ya や     ぬ     よ


Ra ら  り  る  れ  ろ


Wa わ          を


N  ん





ජපානයේ ජාතික ධජය හා ජාතික ගීය 日本国旗と国歌

ජපානය  日本国


ජාතික කොඩිය සහ ජාතික ගීය


ජපානයේ ප්‍රධාන දුපත් සහ සිතියම