අක්ෂර ලියන අකාරය

ජපන් භාෂාවේ ඇති අක්ෂරයන් ලිවීමේදී සැලකිලිමත් වියයුතු රීති.


  1. -----> යම් ජපන් අකුරක තිරස් අතට යම් රේකාවක් ඇත්නම් එය වමේ සිට දකුණට ඇදිය යුතු වේ.
  2. |   සිරස් අතට රේකාවක් ඇත්නම් එය උඩ සිට පහලට ඇදිය යුතු වේ.
  3. U යම් අක්‍ෂරයක කෝණා කාර ස්වභාවයේ ඉරක් ඇත්නම් එය එය තනි ඉරක් සේ ඇදිය යුතු වේ.
  4. / J නිදහස් රේකා සහ ස්ථිර රේකා ලෙසද අක්ෂර ලියනු ඇත.
      ඉහත පෙන්වා දී ඇති කරුණු සැම රූපාක්ෂරයකම, හිරඟනා හෝඩියේ මෙන්ම කතකනා හෝඩියේ අක්ෂරයන් ලිවීමේදී භාවිතකලයුතු වේ.මීට අමතරව අක්ෂරයේ හැඩය පවත්වා ගැනීමේදී පහත දී ඇති කරුණු ගැන සලකීමත් විය යුතු වේ.

හිරඟනා ひらがな

මෙහිදී සියලුම අක්ෂරයන් ලිවිය යුත්තේ වමේ සිට දකුණටයි.


ඔබට තවදුරටත් අධ්‍යයනය කිරීමට අවශ්‍යනම් Smart Phone Application (Android OS) එකක් ලෙස මෙතනින් ලබාගන්න.

Hiragana writing practice sheets PDFආකාරයට Print Out අවශ්‍යනම් මෙතනින් ලබාගන්න.



කතකනා  カタカナ

මෙහිදී සියලුම අක්ෂරයන් ලිවිය යුත්තේ වමේ සිට දකුණටයි.




ඔබට තවදුරටත් අධ්‍යයනය කිරීමට අවශ්‍යනම් Smart Phone Application (Android OS) එකක් ලෙස මෙතනින් ලබාගන්න.

Katakana writing practice sheets PDF  ආකාරයට Print Out අවශ්‍යනම් මෙතනින් ලබාගන්න.


ජපන් අක්ෂර ශබ්ධ කරන ආකාරය
              
================================================
තෙන්තෙන් [ " ] සහ මරුතෙන් [。] සහිත අක්ෂර 


හිරඟනා හෝඩියේ ප්‍රධාන අක්ෂර 46 න් අක්ෂර 20ක් සදහා තෙන්තෙන් සහ මරුතෙන් ආදේශ කොට අක්ෂර 25 ක් යොදාගත හැකිය. ඒ සදහා ආදේශ  කරන අක්ෂර 20 පහත පෙන්වා දී ඇත.

か き く け こ
さ し す せ そ
た ち つ て と
は ひ ふ へ ほ

ග(Ga) ශබ්ධයත් / ශ(Za) ශබ්ධයත් / ඩ(Da) ශබ්ධයත් / බ(Ba) ශබ්ධයත්/ ප(Pa) ශබ්ධයත් ගොඩනගා ගැනීමට ඉහත පෙන්වා දී ඇති අක්ෂරයන් 20 සමග තෙන්තෙන් සහ මරුතෙන් ආදේශ කරගන්නා ආකාරය පහත දක්වා ඇත.


ක   →  ග

කි  き → ぎ     ගී
කු  く → ぐ      ගු
කේ け → げ     ගේ
කෝ こ → ご    ගෝ


ඉහත ක්‍රමවේදය පිලිබදව නැවත හොදින් බලන්න, එහි か අක්ෂරයට පසුපසින් වමේ සිට පහලට ඇලව දකුණු දෙසට අක්ෂරයට දකුණුපස ඉහලින් කුඩා ඉරිකබැලි දෙකක් යොදාගෙන "ක か ශබ්ධය ග が ශබ්ධයට" පරිවර්ථනය කරගනු ලබනවා. මෙම අක්ෂරයන් තෙන්තෙන්  අක්ෂරයන් ලෙස හදුන්වයි.

පහත වගුව අධ්‍යයනය කරන්න.



මරුතෙන් යනු , එම පසුපස ඉරිකබැලි දෙක වෙනුවට " 。” ආදේශ කිරීමයි. ඒ අනුව,


හ      は → ぱ  ප

හි      ひ → ぴ     පි

හු      ふ → ぷ     පු

හෙ   へ → ぺ    පෙ

හො  ほ → ぽ    පො



කතකනා හා හිරඟනා සදහා තෙන්තෙන් / මරුතෙන් බවිතාකිරිම එකහා සමානයි.





දීර්ග ස්වරයන්

ජපන් භාෂාවේ මුලික හොඩින් අතර ඇති 
හිරඟනා හෝඩියේත් කතකනා හෝඩියේත් ප්‍රධාන අක්ෂර 46ක් දැකිය හැකි අතර මෙම අක්ෂර 46 තුල කිසිදු දීර්ග ස්වරයක් දැකිය නොහැක. ඒ අනුව හිරගනා හෝඩිය අධාරකරගෙන දීර්ග ස්වරයන් නිර්මාණය කරගන්න ආකාරය පහත සදහන් වේ.

සලකියයුතුයි. : හිරඟනා හෝඩියේ ආධාරයෙන් දීර්ග ස්වරයන් නිර්මාණයේදී ස්වර අක්ෂර 05ක් උපයෝගී කරගනී.


あ  い  う  え  お

ඉහත පෙන්වා දී ඇති ස්වර අක්ෂරයන් දීර්ග අක්ෂරයක් ලෙස ලියනු ලබන ආකාරය,

අ  あ  → ああ   ආ
ඉ  い → いい   ඊ
උ  う → うう     ඌ
එ  え → ええ    ඒ
         ඔ  お → おお /おう ඕ

ඕ " අක්ෂරය දීර්ග ස්වරයන් ලියනු ලබන ආකාරයන් 2ක් දැකිය හැක.
විශේෂයෙන් ජපන් භාෂාවේ "ඕ ' අක්ෂරයේ ව්‍යංජන අක්ෂරයට පසුව ස්වර 'උ" අක්ෂරයට ආදේශ කරනු ලබයි .

ව්‍යංජන දීර්ග අක්ෂරයන්,

ක  か → かあ  කා
කි  き → きい   කී
කු  く → くう      කූ
කෙ  け → けえ  කේ
කො こ → こう | こお කෝ

 දීර්ග ස්වර භාවිතාවන වචනයන් කිහිපයක්.


Okii    ー    おおきい     - විශාලයි
Oi       ー おおい    -     ගොඩක් 
         Osaka ー おおさか - ජපානයේ නගරයක්
         kOkO ー こ    - ජේෂ්ඨ පාසැල 

* සැලකිය යුතුයි. මින් ඉදිරියට ජපන් භාෂාවේ උච්චාරණ ක්‍රමයන් ඉංග්‍රීසි අකුරෙන් නොපෙන් වන බව කරුණාවෙන් සලකන්න. මන්ද යත් , මම සිතනවා ඔබට ජපන් අක්ෂරයන් මේ වන විට හොදින් ලිවීමට සහ කියවීමට හැකි බව.

こうこうせい  -  ජෙෂ්ඨ පාසල් සිසුවා.
くうこう          - ගුවන්තොටුපල
のうみん       - ගොවියා
おかあさん   - අම්මා
おとうさん     - තාත්තා
おばあさん   - අච්චි
おじいさん    - සීයා
こうべ            - ජපානයේ නගරයක්


බැදී අක්ෂර

ජපන් භාශාවේ හිරඟනා හෝඩියේහි මුලික අක්ෂර 46ක් දැකිය හැකි වේ, මෙමෙ අක්ෂර 46 සදහා තෙන්තෙන් හා මරුතෙන් ආදේශ කොට තවත් අක්ෂර 25ක් නිර්මාණය කරගනු දැකිය හැකි වේ. විශේෂයෙන් ජපන් භාෂාවේ දැකිය හැකි තවත් ප්‍රධාන අක්ෂර කණ්ඩයක් ලෙස බැදී අක්ෂර පෙන්වා දිය හැක. ප්‍රධාන වශයෙන් බැදී අක්ෂර 33ක් මෙම හිරඟනා හෝඩිය ආකාරයෙන් නිර්මාණය කරනු ලබයි. ඒ සදහා や ゆ よ අක්ෂර සමග " い" ශබ්ධයේ ව්‍යංජන අක්ෂර 11 උපයෝගී කරගනු ලබයි.

い ශබ්ධයේ අක්ෂර 11

き ぎ し じ ち に ひ び ぴ み り 

ඒ අනුව ඉහත පෙන්වා දී ඇති ”ぃ” ශබ්ධයේ ව්‍යන්ජනයන් සමග や ゆ よ යන අක්ෂරයන් භාවිතාකොට නිර්මාණය කරගනු ලබයි.

සැ.යු. බැදී අක්ෂරයන් ව්‍යංජන අක්ෂරයන්ට සාපේක්ෂව කුඩායි.

きゃ- ක්‍යා    しゃ- ශා     ひゃ- හ(යා) ぴゃ- ප්‍යා
きゅ- ක්‍යු  しゅ- ශු      ひゅ       ぴゅ- 
きょ- ක්‍යෝ    しょ - ශෝ     ひょ       ぴょ

ぎゃ- ග්‍යා  じゃ- ජා  びゃ- බ්‍යා  ちゃ - චා

ぎゅ    じゅ   びゅ     ちゅ
ぎょ         じょ   びょ      ちょ

にゃ- න්‍යා  みょ - ම්‍යා  りゃ - ර්‍යා
にゅ    みゅ   りゅ
にょ    みょ    りょ


වැදගත් : -  ඉහත සදහන් බැදි අක්ෂරයන් දීර්ඝ ස්වරයෙන් ලිවීමේදී අදාල බැදී අක්ෂරයට ගැලපෙන ස්වර අක්ෂරයන් ගැලපිය යුතු වේ.

උදා :-  ක්‍යා(අ)    きゃあ
           ක්‍යු(උ)  きゅう
           ක්‍යෝ(ඕ) きょ → きょう(මෙසේ お දීර්ඝ ස්වරයෙන් ලිවීමේදී お  වෙනුවට う අක්ෂරය භාවිතා කරයි.)  




හල් අක්ෂර

ජපන් භාෂාවේ මුලික අක්ෂර 46ක් දැකිය හැක. එම අක්ෂර 46න් අක්ෂර 20 ට තෙන්තෙන් '' හා මරුතෙන් 。ආදේශ කර තවත් අක්ෂර 25ක් නිර්මාණය කරගන්නා ලදී. එසේම い ශබ්ධයේ ව්‍යංජන අක්ෂර 25 ට や ゆ よ අක්ෂරයන් සම්බන්ධ කර තවත් බැදී අක්ෂර 33ක් නිර්මාණය කරගන්නා ලදී. ඒ අනුව සමස්ථ හිරගනා හෝඩියේ අක්ෂර 104 අධ්‍යයනය කර ඇති අතර එම අක්ෂර 104 අතුරින් දැකිය හැක්කේ එකදු හල් අක්ෂරයක් පමණි. එනම්,

ん - න්

ඉහත පෙන්වා දී ඇති හල් අක්ෂරය තුලින් න් / ම්  යන උච්චාරණ විධි පිලිබිබු කෙරේ.

ජපන් භාෂාව - のほ
උත්සහ කරනවා - がんばります


ඉහත පෙන්වාදී ඇති උච්චාරණ ක්‍රම වලට අමතරව තවත් හල් අක්ෂර ක්‍රමයක් දැකිය හැක. ඒ සදහා හෝඩියේ  つ අක්ෂරය භාවිතාකරයි.
සැ.යු. විවිධාකාරයේ හල් ශබ්ධයන්ට උච්චාරණය වන අවස්ථාවන් හිදී යම් වචනයත් අභ්‍යන්තරයේ つ අක්ෂරය භාවිතා කරන විට එය අනෙක් අක්ෂර වලට වඩා සාපේක්ෂව කුඩාවට ලිවිය යුතුය.

こん
කෙක්කොන් 

යම් වචනයක් අභ්‍යන්තරයේ කුඩාවට ලියනු ලබන つ අක්ෂරයක් ඇත්නම් එය උච්චාරණය වන හල් අක්ෂරය තීරණය කරනු ලබන්නේ අදාල කුඩාවට ලියනු ලබන つ අක්ෂරයට පසුව ඇති අක්ෂරය අනුව වේ.

  1.  මුද්දරය - き
  2. ප්‍රතිපලය  - け
  3. කම්මුල් - はぺた
  4. පාසැල - がこう
  5. අනිද්දා - あさ
  6. සගරාව - ざ
  7. විනාඩි 10යි  - じゅぷん



සංවාදය : ජපන් ජාතිකයෙකු මුල් වරට හමුවීමේදී :-





Japanese Dialogues Meeting and Greetings

はじめまして、マイクと申します。
hajimemashite, maiku to moushimasu.
Hello, I'm Mike.
はじめまして、由美です。
hajimemashite, yumi desu.
Nice to meet you. I'm Yumi.
どうぞよろしくおねがいします。
douzo yoroshiku onegaishimasu.
Nice to meet you.
どこから着ましたか?
doko kara kimashita ka?
Where are you from?
アメリカです。
amerika desu.
America.
アメリカのどこですか?
amerika no doko desu ka?
Where in America?
フロリダ州です。
furorida shuu desu.
Florida.
フロリダは暑いでしょう。
furorida wa atsui deshou.
Florida is hot, isn't it?
はい、暑いです。
hai, atsui desu.
Yes, it is hot.
由美さんの出身はどこですか?
yumi san no shusshin wa doko desu ka?
Where are you (Yumi) from?
東京です。
toukyou desu.
Tokyo.
僕は東京が好きです。
boku wa toukyou ga suki desu.
I like Tokyo.
そうですか?あ、私はそろそろ仕事に行かなくちゃ。
sou desu ka? a, watashi wa sorosoro shigoto ni ikanakucha.
Really? Oh, I have to go to work soon.
それじゃあ、また。
sore jaa, mata.
Well then, see you later.
はい、さようなら。
hai, sayounara.
Yes, goodbye.





27 comments:

  1. いらっしゃる そうですවල තේරුම කියන්න පුලුවන්ද

    ReplyDelete
    Replies
    1. ඔයා මෙහෙයි 😀කියලා කියන්නේ

      Delete
  2. නවකයන්ට තේරුම් ගැනීමට පහසු අනර්ඝ පැහැදිලි කිරීමක්. සදොස් තැන් කිහිපයක් ඇත, නිදොස් කරනු මැනවි. නිරන්තරයෙන් මෙවැනි පාඩම් බලාපොරොත්තු වෙමි.

    ReplyDelete
  3. Mata 0701171879 me number akata Sinhala akuru dala ewata ජපන් akuru Fala photo akak danwatha please

    ReplyDelete